Posts

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ මළ සිරුරු 45ක් පමණ ගොඩගැසී ඇති බව වාර්තා වේ.

  කොරෝනා මරණ ප් ‍ රමාණය ඉහළ යාමත් සමග පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ මළ සිරුරු 45ක් පමණ ගොඩගැසී ඇති බව වාර්තා වේ. එහි කොරෝනා මළ සිරුරු 22ක් පමණ ද ඇති බවත් මේවායෙන් දැඩි දුර්ගන්ධයක් ඇති වී තිබෙන බවත් එහි වාර්තාකරුවන් කියා සිටිති. මෘත ශරීරාගාරයේ ඇති අධිශීතකරණ වල උපරිම මෘතදේහ ප් ‍ රමාණයක් ඇති නිසා අනෙක් මළ සිරුරු මෘත ශරීරාගාරය තුළ සහ ඉන් පිටත තැන්පත් කර තිබීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ. එසේ තැන්පත් කර ඇති මළසිරුරු බහුතරයක් නරක් වීම මත මෙම දුර්ගන්ධය හටගෙන ඇත. මේ හේතුවෙන් ප ‍ ් ‍ රදේශයේ ආදාහනාගාර පැය 24 පුරාම විවෘත කර ඇති බැවින් මෘත ශරීර ආදාහනය කිරීමට කටයුතු යොදා ඇති බවද ප ‍ ් ‍ රාදේශීය සෞඛ් ‍ ය අධ් ‍ යක්ෂවරිය සඳහන් කලාය.

බදුල්ල දිස්ත්‍රික්කයේ වර්තමාන කොවිඩ් ව්‍යාප්ති තත්වය

Image
බදුල්ල දිස්ත් ‍ රික්කයේ කොවිඩ් ව් ‍ යාප්ති තත්වය සම්බන්ධයෙන් තමන්ටත් ඇත්තේ බියක් බවත් රෝගය සමාජගත වීමේ මට්ටමෙනුත් එපිටට ගමන්කර ඇති බවක් පෙන්නුම් කෙරෙන බවත් රජයේ වෛද් ‍ ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සභාපති වෛද් ‍ ය පාලිත රාජපක්ෂ මහතා පවසයි. "බදුල්ල දිස්ත් ‍ රික්කයේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් අපට තියෙන්නෙ බියක්. ඇත්තටම දැන් නම් සමාජගත වෙලාටත් වඩා එහා මට්ටමකට ගිහින් තියෙන්නෙ. නමුත් අපි දැන් සාම්පල් අරගෙන ජීව පටක තරලය අරන් තිබ්බ ගමන්ම ඒක පොසිටිව් අයගෙ පොසිටිව්. ඒ කියන්නෙ විශාල වෛරස් ප් ‍ රමාණයක් ආසාදිත පුද්ගලයින් තුළ තියෙනවා. මම කියන්න ඕනෙ මෙන්න මේ දේ. අමාත් ‍ යාංශයට හෝ ප් ‍ රාදේශීය සෞඛ් ‍ ය බලධාරීන්ට හෝ වෙනත් කිසිම බලධාරියෙකුට කිසිම අදහසක් තක්සේරුවක් නෑ කොපමණ රෝගීන් ප් ‍ රමාණයක් සමාජයේ ඉන්නවාද, කොපමණ රෝගීන් ප් ‍ රමාණයක් රෝහල්ගත වෙන්නෙ නැතුව ගෙවල් තුළ ඉන්නවද කියන එක සම්බන්ධයෙන්. දැන් ඊයෙ වෙනකොට ඊයෙ දවසට කරලා තියෙනවා ඇන්ටිජන් පරීක්ෂණ බාහිර රෝගී අංශයේ 63ක්. ඒකෙන් 30ක් පොසිටිව්. ඒ කියන්නෙ 50%ක්. මේ ආකාරයට තව දවස් කීපයක් ගියොතින් අනිවාර්යයෙන්ම නියත වශයෙන්ම අපගේ රෝහල් ධාරිතාවය ඉක්මවා යනවා. ...