පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ මළ සිරුරු 45ක් පමණ ගොඩගැසී ඇති බව වාර්තා වේ.

 කොරෝනා මරණ ප්‍රමාණය ඉහළ යාමත් සමග පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ මළ සිරුරු 45ක් පමණ ගොඩගැසී ඇති බව වාර්තා වේ.

එහි කොරෝනා මළ සිරුරු 22ක් පමණ ද ඇති බවත් මේවායෙන් දැඩි දුර්ගන්ධයක් ඇති වී තිබෙන බවත් එහි වාර්තාකරුවන් කියා සිටිති.
මෘත ශරීරාගාරයේ ඇති අධිශීතකරණ වල උපරිම මෘතදේහ ප්‍රමාණයක් ඇති නිසා අනෙක් මළ සිරුරු මෘත ශරීරාගාරය තුළ සහ ඉන් පිටත තැන්පත් කර තිබීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.
එසේ තැන්පත් කර ඇති මළසිරුරු බහුතරයක් නරක් වීම මත මෙම දුර්ගන්ධය හටගෙන ඇත.
මේ හේතුවෙන් ප‍්‍රදේශයේ ආදාහනාගාර පැය 24 පුරාම විවෘත කර ඇති බැවින් මෘත ශරීර ආදාහනය කිරීමට කටයුතු යොදා ඇති බවද ප‍්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරිය සඳහන් කලාය.

Comments

Popular posts from this blog

බදුල්ල දිස්ත්‍රික්කයේ වර්තමාන කොවිඩ් ව්‍යාප්ති තත්වය